17th July 2022 13:15:29 Hours
ස්ථානය - 561 පාබල බළසේනා මුලස්ථානය - කනගරායන්කුලම්
දිනය - 2022 ජුලි මස 09 දින
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එල්ඩිඑස්එස් ලියනගේ ආර්එස්පි යුඑස්පි පිඑස්සි එච්ඩිඑම්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අනුශාසකත්වයෙන් බළසේනාධිපති බ්‍රිගේඩියර් ජිපිපි කුලතිලක යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධික්ෂණය යටතේ 16 ශ්රි් ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි,17(සෙව්) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, 561 පාබල බළසේනා මුලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි හා 561 පාබල බළසේනා මුලස්ථානයේ මේජර් පාලන/භකාස යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ සම්බන්ධිකරණයෙන් සහ සහභාගිත්වයෙන්මෙම ප්‍රජා සමාජ සත්කාරය සිදුකරන ලදි.
මෙහිදි බළ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි පවුල් 30 ක් සදහා රුපියල් අටදහසකට අධික වටිනාකමකින් යුතු වියළි සලාක මලු හා පිසු ආහාර පාර්සල් බෙදා දිමේ වැඩ සටහනක් පැවැත්වු අතර, එම වැඩසටහන සදහා පූර්ණ අනුග්‍රහය බළසේනාධිපති, නිලධාරින්සහ සෙසු නිළයින්ගේ පරිත්‍යගයෙන් සිදුකරන ලදි.