Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

19th February 2022 23:54:50 Hours

වව්නියාව 217 රාසේන්ද්‍රකුලමි ග්‍රාම නිළධාරි වසමේ අඩුආදායම්ලාභි පවුලක් සදහා නව නිවසක් ඉදිකිරීමට මුල්ගල තැබීම

ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් සී ඩී රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සංකල්පයකට අනුව 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ මග පෙන්වීම යටතේ 562 පාබල බළසේනාවේ බළසේනාධිපති තුමන්ගේ අධීක්ෂණයෙන් සහ 17 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ පූර්ණ ශ්‍රම දායකත්වයෙන් වව්නියාව 217 රාසේන්ද්‍රකුලමි ග්‍රාම නිලධාරි වසමට අයත් අඩුආදායම්ලාභි පවුලක් වන එස් ශාන්තා මහත්මිය වෙනුවෙන් නව නිවසක් ඉදිකිරිම සදහා 2022.02.11 වන දින සුභ මොහොතින් 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබන ලදි.

මෙම ප්‍රජාසත්කාරක වැඩ සටහනේ ආරාධිත අමුත්තා වශයෙන් 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර් ඩී එස් එස් ලියනගේ ආර්එස්පි යුඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී ජ්‍යෙෂ්ඨ නිළධාරි සහභාගීවූ අතර, නව නිවස ඉදි කිරීම සදහා මුල්‍ය දායකත්වය ජයසිංහ මෙට්ල් ඉංජිනේරු පුද්ගලික සමාගමේ බී මාලක ජයසිංහ මහතා විසින් ලබා දෙනු ලබයි. මෙම උත්සවය සදහා 562 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඒ එම් එස් ප්‍රේමවංශ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී, 17 (සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි ලුතිතන් කර්නල් එච් කේ කුමාරසිරි, ජ්‍යෙෂ්ඨ නිලධාරි/නිලධාරි සහ සෙසුනිළයින් සහභාගී වන ලදි. 562 පාබල බළසේනා මුලස්ථානය වෙතින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි.