Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

20th December 2023 20:31:57 Hours

වර්ෂාපතනය හේතුවෙන් ආපදාවට ලක්වු මයිලමොටෙයි වැව පිළිසකර කිරිම

මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් 16 වන බළඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු බළප්‍රදේශයේ මාරාඉලුප්පායි ග්‍රාම සේවා වසමට අයත් ගොවිජන සේවා මධ්‍යස්ථානය යටතේ පාලනය වන මයිලමොටෙයි වැවේ වැව් බැම්ම ජලය කාංදු විම හේතුවෙන් එම වැවෙන් පෝෂණය වන කුඹුරු ඉඩම් හා වගා බිම් විනාශ විමට ඉඩ ඇති අතර‚ එම වැව් බැම්ම කඩිනමින් පිළිසකර කිරීම සිදුකිරීම අත්‍යවශ්‍ය තටයුත්තක් විය. 56 වන පාබල සේනාංකයේ මේජර් ජෙනරාල් එච්ජිපිඑම් කාරියවසම් ආර්එස්පි එන්ඩිසි පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත 2023.12.16 වන දින 561 පාබල බසේමු බලසේනාධිපති කර්නල් එම්ජීඒ මලන්දෙනිය ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම යටතේ හා 16 වන බලඇණිය ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්එච් වික්‍රමසිංහ ආර්එස්පී යූඑස්පී පීඑස්සී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්‍ෂණය යටතේ 01x10 භඨපිරිසක් හා ගම්වාසීන්ගේ සහභාගිත්වයෙන් වැලි කොට්ට යොදා ගනිමින් එම වැව පිළිසකර කරන ලදි.