Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

30th December 2023 21:46:32 Hours

වන්නි නත්තල් ගීතිකා උත්සවය - 2023

ශුද්ධ වූ නත්තල ආගමික සමඟිය සහ සහජිවනය මුල් කර ගනිමින් වව්නියාව දිස්ත්‍රික්කයේ ජනතාව අතර සහ යුද්ධ හමුදාව අතර සහයෝගීතාවය ප්‍රවර්ධණය කිරීමේ අරමුණින් 56 වන පාබල සේනංක මුලස්ථානය විසින් “වන්නි නත්තල් ගීතිකා උත්සවය - 2023” සංවිධානය කල අතර, එය 2023 දෙසැම්බර් 28 වන දින සන්ධ්‍යාවේ වව්නියාව සංස්කෘතික ශාලා පරිශ්‍රය තුළදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

56 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ජීපීඑම් කාරියවසම් ආර්එස්පී එන්ඩීසී පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්පීඩීඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. මෙම උත්සවයේදී සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන ප්‍රධාන භාෂා ත්‍රිත්වයෙන්ම ලෝක සාමය සහ සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමින් සාමයේ කුමාරු වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කරමින් ගීතිකා සහ ඉදිරිපත් කිරීම යුද්ධ හමුදා කැරොල් ගීතිකා සහ වාදක කණ්ඩායම සිදුකරන ලදී. තවද රඹයික්කුලම මඩු මාතා දේවස්ථානය - වව්නියාව, මහරම්බයිකුලම් ශාන්ත අන්තෝනි දේවස්ථානය - වව්නියාව, ක්‍රිස්තු රාජ දේවස්ථානය - වවුනියාව සහ කෝමරසන්කුලම අප ස්වාමිදූගේ දේවස්ථානය - වව්නියාව වෙතින් පැමිණි ගායක ගායිකාවන් විසින් මෙම උත්සවය වර්ණවත් අයුරින් පැවැත්වීමට දායකත්වය ලබාදෙන ලදී.

වව්නියාව ශාන්ත අන්තෝනි ක්‍රිස්තියානි දේවස්ථානයේ ප්‍රධාන පියතුමානන් වන අන්තෝනිතාස් දලීමා පියතුමානන්ගේ සමාරම්භක යාච්ඥාවෙන් පසු චාරිත්‍රානුකූලව උත්සවයේ වැඩ කටයුතු ආරම්භ කල අතර, මේ සඳහා වව්නියාව ප්‍රදේශයේ සර්ව ආගමික පූජකවරු, වවුනියාව විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා, රාජ්‍ය/අර්ධ රාජ්‍ය ආයතනවල සාමාජිකයින්, සිවිල් ප්‍රජා නියෝජිතයින් සහ 600 කට අධික ජනතාවක් සහභාගි විය. තවද මෙම උත්සව අවස්ථාව සඳහා 54 වන පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති, වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, 56 වන පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 561, 562, 563 පාබල බලසේනාවල බලසේනාධිපතිවරුන් සහ ඒකක අණදෙන නිලධාරිවරුන් නත්තල් කැරොල් ගායනා නැරඹීමට සහ මෙම උත්සව අවස්ථාව සාර්ථක කරගැනීම සඳහා දායකත්වය ලබාදෙන ලදී.