Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

05th October 2025 10:53:21 Hours

ලෝක ළමා දිනයට සමගාමීව පැවැත් වු වැඩසටහනක්

ආසේමු (ව) ආඥාපතිතුමාගේ උපදෙස් පරිදි 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ සහ 212 පාබල බලසේනා මුලස්ථානයේ බලසේනාධිපතිගේ අධීක්ෂණය යටතේ ලෝක ළමා දිනයට සමගාමීව 2025.09.29 දින සතුට ළමා නිවාසයේ ළමුන් 30 කු හට රුවන්වැලි මහා සෑය වන්දනා කිරීම සඳහා අවස්ථාව උදාකර දුන් අතර 212 පාබල බලසේනාවේ ප්‍රමානි 3 නිලධාරිගේ සම්බන්දතාවයෙන් කැනඩාවේ පදිංචි ප්‍රසාද් ජයසේකර මහතාගේ මූල්‍ය පරිත්‍යාගයෙන් අනුරාධපුර තිබ්බටුවාගම ප්‍රාථමික විදුහලේ ළමුන් 47 ක් සඳහා පාසල් උපකරණ සහ කෙටි ආහාර වේලක් 212 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ ප්‍රධානත්වයෙන් 2025.10.01 දින බෙදා දෙන ලදී

එම අවස්ථාවට 212 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමා ,ජේෂ්ඨ මාණ්ඩලික නිලධාරි ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 3 (ක්‍රියාන්විත) නිලධාරි හා සෙසු නිළයින් සහභාගී වන ලදී.