30th September 2025 13:01:45 Hours
ලෝක ළමා දිනය සැමරීම පිණිස, 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් ඒඑම්සි අබේකෝන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සංකල්පයකට අනුව 542 පාබල බලසේනාව විසින් 2025 සැප්තැම්බර් 29 වන දින පාසල් උපකරණ පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මන්/සිරුක්කණ්ඩාල් රෝමානු කතෝලික රජයේ දෙමල මිශ්‍ර පාසල සහ මන්/ඉසමලතාතිව් රෝමානු කතෝලික රජයේ දෙමල මිශ්‍ර පාසල යන පාසල් වල ඉගෙනුම ලබන සියළුම සිසු සිසුවියන් සදහා 2026 වර්ෂයට අවශ්‍ය පාසල් උපකරණ බෙදාදීම මෙහිදී සිදු කරන ලදි.
මෙම ප්‍රජා සත්කාරක වැඩසටහන සදහා අනුග්‍රහය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය විසින් ලබාදුන් අතර. එම විද්‍යාලයෙන් පැමිණි විදුහල්පති තුමිය , නියෝජ්‍ය විදුහල්පති තුමිය, ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය නායක මණ්ඩලය මන්/සිරුක්කණ්ඩාල් රෝමානු කතෝලික රජයේ දෙමල මිශ්‍ර පාසල සහ මන්/ඉසමලතාතිව් රෝමානු කතෝලික රජයේ දෙමල මිශ්‍ර පාසල්හි සිසු සිසුවියන් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගැනීම සිදුකරන ලදි. ජාතීන් අතර මිත්‍රත්වය සහෝදරත්වය, එකමුතුකම සහ අන්‍යෝන්‍ය ගෞරවය වැඩි දියුණුවීමක් මෙහිදි දැක ගැනීමට ලැබුණි.
542 පාබල බලසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ඒආර්ඩබ්ලිව්සි අසුරසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුව විසින් සියළු සංවිධාන කටයුකු සිදුකල අතර, 542 පාබල බළසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ලුතිතන් කර්නල් ඩබ්ලිව්ඒඑන්ඩී ජයසුන්දර යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සම්බන්ධිකරණය සිදුකරන ලදි.