05th October 2025 10:49:13 Hours
54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒ එම් සි අබේකෝන් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ සංකල්පයකට අනුව 2025. ඔක්තෝම්බර් මස 01 වන දිනට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමිව ළමා දින සැමරුම් උත්සවයක් මඩු පාර සිංහල මහා විද්‍යාලයේ දි පවත්වන ලදි. මේ සදහා එම පාසැලේ ගුරුවරු 06 දෙනෙකු සහ සිසු සිසුවියන්ගේ දෙමාපියන් 11 දෙනෙකු ද මෙම උත්සව අවස්තාවට සහභාගි වප ලදි.
මෙම සැමරුම් උත්සවයේ ආරාධිත අමුත්තා ලෙස මඩු පාර ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ සහ මඩු පාර ක්‍රිස්තියානි පල්ලියේ ප්‍රධාන පූජක තුමාද සැමරුම් උත්සව අවස්ථාව සදහා සහභාගිවන ලදි. මෙම අවස්ථාව පාසැලේ ශිෂ්‍ය/ශි්ෂයාවන්ගේ දක්ෂතාවයන් එළි දැක්විම සදහා අවස්ථාවක් වු අතර, ඔවුන් සතුටින් හා ප්‍රිතියෙන් ලෝක ළමා දින උත්සවය පවත්වන ලදි.
මෙම වැඩසටහන 542 පාබල බලසේනා බළසේනාධිපති බ්‍රිගේඩියර් ඒ ආර් ඩබ්ලිව් සි අසුරසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධික්ෂනය යටතේ 4 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එම් එස් එස් ප්‍රනාන්දු යුඑස්පි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ එම ඒකක සියලුම භඨපිරිස් විසින් සංවිධාන කටයුතු සිදුකරන ලදි.