22nd October 2024 22:57:23 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩිආර්එන් හෙට්ටිආරචිචි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මග පෙන්විම මත 591 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්ජේ උබේසේකර ආර්එස්පී පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධික්ෂණය යටතේ2024 ඔක්තෝම්බර් මස 10 දින 591 බලසේනා මූලස්ථානයේදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී. ඒ සඳහා නිලධාරින් සහ සෙසුනිලයන් 125 දෙනෙකු සිය දායකත්වය ලබාදුන්හ.