Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

18th February 2024 00:16:52 Hours

රාජ්‍ය ආයතනයන්හී විධායක ශ්‍රේණියේ නිළධාරීන් සමග හා ආරක්‍ෂක අංශ අතර සාකච්චා

64 පාබල සේනාංක මූලස්ථාන සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සංකල්පයකට මෙම පාසේමු බලප්‍රදේශයට අයත් රාජ්‍ය ආයතනයන්හී විධායක ශ්‍රේණියේ නිලධාරීන් හා ආරක්‍ෂක අංශ අතර, සුහදත්වය මෙන්ම සම්බන්ධීකරණය වෙනුවෙන් පිහිටුවා ඇති ඔඩ්ඩුසුඩාන් විධායක නිලධාරීන්ගේ සංගමයේ දෙවන කමිටු රැස්වීම 2024.02.15 වන දින 0900 පැයට 64 පාසේමු සාකච්ඡා ශාලාවේදී පවත්වන ලදි.

එම වැඩසටහන සඳහා ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් තුමිය නියෝජනය කරමින් එහි සහකාර සැලසුම් නිලධාරිණී, ඔඩ්ඩුසුඩාන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මාන්කුලම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, ඔඩ්ඩුසුඩාන් රෝහලේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණී, තුනුක්කායි කලාප අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්‍ෂක, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරී, දිස්ත්‍රික් වන සංරක්‍ෂණ නිලධාරී, ඔඩ්ඩුසුඩාන් හා මාන්කුලම් පොලිස් ස්ථානයන් වෙතින් පොලිස් පරීක්‍ෂක වරුන්ද මාන්කුලම් විශේෂ කාර්ය බලකා කඳවුරු භාර නිලධාරී, 64 පාසේමු හා පාබසේමු හි ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් යුතුව මෙම සාකච්ඡාව සිදුකරන ලදි. ප්‍රදේශයේ ජනතාවගේ සුභසිද්ධියට බලපාන්නා වූ අංශයන් සබැඳිව සාකච්ඡා කරන ලද අතර, පසුගිය සාකච්ඡාවේ ගනු ලැබූ තීරණ වල ප්‍රගතිය සමාලෝචනයක්ද සිදුකරන ලදි.