Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

18th January 2025 14:42:44 Hours

රණවිරු අභිනන්දන පූජා 2025 - පාසැල් උපකරණ බෙදා දීමේ වැඩසටහනේ පළමු අධියර 54 පාබල සේනාංක මූලස්ථානයේදී පවත්වන ලදි.

54 වන පාබල සේනාංක මූලස්ථාන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර් පී ඒ ආර් පී රාජපක්ෂ ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමාගේ සංකල්පයකට අනුව මනුෂ්‍යත්වයේ විජයග්‍රහණය වෙනුවෙන් හා මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් අපරිමිත ලෙස කැපවූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් හා සිවිල් සේවක මහතුන්ගේ පවුල් වල දූ දරුවන් 250 දෙනෙකු වෙනුවෙන් රණවිරු අභිනන්දන පූජා 2025 - පාසැල් උපකරණ කට්ටල බෙදා දීමේ වැඩසටහනේ පළමු අධියර 2025 ජනවාරි මස 10 වන සිකුරාදා දින මන්නාරම තල්ලඩි පිහිටි 54 වන පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි.

54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොහාන් රාජපක්ෂ ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම මහගු කර්තව්‍ය සදහා කොළඹ රාජකීය විද්‍යාල ආදි ශිෂ්‍ය මිතුරු කැල, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය ආදි විද්‍යාර්ථ මිතුරු කැල සහ කළගුණ අගයන සකල ශ්‍රී ලංකා වාසී මිතුරු කැල එක්ව සංවිධානය කරනු ලබන අතහිත 2025 ව්‍යාපෘතියෙහි සභාපති ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා, සමන් ගුණරත්න මහතා සහ සමන්තා විජේවර්ධන මහත්මිය විසින් මෙම වැඩසටහන සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබාදෙන ලදී.

යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයින් සහ සිවිල් සේවක මහතුන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.