Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

04th August 2023 20:04:12 Hours

යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි ඉංජිනේරු පීඨයේ ඇති වූ ගින්නට එරෙහිව වන්නි භට පිරිස් සටන් කරයි.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරීන් 02 දෙනෙකු ඇතුළු 30කට අධික භට පිරිසක් අද (4) පස්වරුවේ ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් යාපනය විශ්වවිද්‍යාලයේ‚ කිලිනොච්චි ශාඛා පරිශ්‍රයේ වේගයෙන් පැතිර යමින් තිබූ ප්‍රධාන ලැව්ගින්නක් පාලනය කිරීමට කටයුතු කරන ලදී.

ගින්න පැතිරීම පිළිබඳව දැනුම් දීමෙන් පසු, 57 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේපීසී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර් එස්පී එන්ඩීසි විසින් විශ්ව විද්‍යාල ගොඩනැගිලි වලට හා එහි යටිතල පහසුකමි වලට විශාල විනාශයක් සිදුකිරීමට පෙර ඒ පිළිබඳව අවදානය යෙමුකරමින් ක්‍රියාත්මක වන ලෙස 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් වෙත උපදෙස් දෙන ලදී.

කිලිනොච්චිය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ සාමාජිකයින්ගේ සහය ඇතිව ජල බවුසර් සහ ගිනි නිවන උපකරණ යොදා ගනිමින් අපේක්ෂිත පරිදිම ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට භට පිරිස් සමත් වුහ. විශ්ව විද්‍යාල බලධාරීහු‚ භට පිරිස් ඔවුන්ගේ කාලෝචිත ක්‍රියාමාර්ගයන් පිළිබඳව සහ ගොඩනැගිලිවලට සිදුවන්නට ගිය හානිය වැළැක්වීමට ගත් උත්සාහයන් අගය කළහ. 573 වන පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 9 වන විජයබාහු පාබල රෙජිමෙින්තුවෙි අණදෙන නිලධාරී විසින් භට පිරිස් වෙත අවශය උපදෙස් ලබා දෙමින් මෙම ක්‍රියාදාමයේ පුර් ණ අධීක්ෂණ කටයුතු සිදුකරන ලදී.