Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

26th February 2024 11:15:00 Hours

මූලික පිහිණුම් සහ ජීවිතාරක්‍ෂක පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු සෙබළු 27 දෙනෙකු විසිර ගියහ

21 වන පාබල සේනාංකය යටතේ අනුරාධපුර රණසේවාපුර ආරක්‍ෂක සේනා මූලස්ථාන (වන්නි) පිහිණුම් තඨාක සංකීර්ණයේදී පවත්වන ලද මූලික පිහිණුම් සහ ජීවිතාරක්‍ෂක පාඨමාලා අංක 19 යේ විසිර යාමේ උත්සවය 2024 පෙබරවාරි 21 වන දින පැවැත්වූ අතර, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පි විඑස්වි යූඑස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාව සදහා සහභාගි විය.

විවිධ රෙජිමේන්තු වලට අයත් සෙබලුන් 27 ක් පාඨමාලාවෙන් විසිර ගිය අතර 17 ශ්‍රීලපාහ ඒකකයට අයත් සෙ/ඩි102057 පාසෙ කුමාර පිඒපි යන සෙබලා ලකුණු 76.8% ක් ලබා ගනිමින් කුසලතා අනුපිලිවෙලින් හොදම ස්ථානය ලබා ගත්තේය. විවිධ සංස්කෘතික නැටුම් අංගයන් තුලින් උත්සවය විචිත්‍රවත් කරන ලද අතර, පාඨමාලාවට සහභාගිවූවන් විසින් ජීවිතාරක්‍ෂක ආදර්ශන සහ පිහිණුම් සංදර්ශණයන්ද අනතුරුව පවත්වන ලදී.