Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

19th January 2025 11:10:24 Hours

මුලතිව්හි පාසල් උපකරණ බෙදාදීමේ සහ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මුලස්ථානය (වන්නි) ආඥාපති මේජර් ජෙනරල් ජේපිසි පිරීස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අනුමැතිය මත 59 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මෙිජර් ජෙනරල් ඩිආර්එන් හෙට්ට්ආරච්ච් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගපෙන්වීම යටතේ 593 පාබල බළසේනා මුලස්ථානයේ වැඩ බලන බළසේනාධිපති කර්නල් බිඒටිඑස්කේ බස්නායක ආර්එස්පි යුඑස්පි අයිජි යන ජ්‍යෙෂ්ඨනිළධාරින්ගේ සම්බන්ධිකරණය යටතේ 6 වන ශ්‍රිලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිළධාරි මේජර් කේඑන්සි ද සිල්වා ශ්‍රිලංජාආබමු ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධික්‍ෂණය යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ ජිවත්වන සිවිල්ජනතාව අතර, සුහදත්වය හා සංහිදියාව වර්ධනය කිරිමේ අරමුනින් යුතුව අඩු ආදායම්ලාභි පවුල්වල ඉගෙනිමේ කුසලතා සහිත දරු දැරියන් අතුරින් තෝරාගත් ළමුන් 40 ක් සදහා ශ්‍රිලංකා නිපෝන් අධ්‍යපනික හා සංස්කෘතික කේන්ද්‍රයේ මහ ලේඛම් පුජ්‍ය මිගහතැන්නේ චන්ද්‍රසිරි හිමියන්ගේ පුර්ණ අනුග්‍රාහකත්වයෙන් ශිෂ්‍යාධාර සහ පාසල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක් 2025.01.12 වන දින 6 වන ශ්‍රිලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මුලස්ථාන කදවුරේදි සිදුකරන ලදී.