Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

24th February 2025 21:02:51 Hours

මුලතිව් වෙරළ තිරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් පවත්වන ලදී.

ක්ලින් ශ්‍රි ලංකා ව්‍යාපෘතිය යටතේ 59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩිආර්එන් හෙට්ටිආරචිචි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ හා මුලතිව් දිස්ත්‍රික් ලේකම් ඒ උමා මහේෂ්වරන් මහතාගේ මග පෙන්විම හා සම්බන්ධිකරණය මත 591 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම් එස් අයි අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධික්ෂණය යටතේ 2025 පෙබරවාරි මස 23 දින මුලතිව් වෙරළ තිරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් පවත්වන ලදී.

ඒ සඳහා යුද්ධ හමුදාව නියෝජනය කරමින් 10 x 155 ක් ද, නාවික හමුදාව නියෝජනය කරමින් 02 x 25 ක් ද, පොලිසිය නියෝජනය කරමින් 03 x 18 ක් ද, සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් 00 x 27 ක් ද, සහභාගි වු අතර මෙම වැඩසටහන සදහා රාජ්‍ය හා පුද්ගලික ආයතන, රතු කුරුස සංවිධානය මෙන්ම පාසල් නියෝජනය කරමින් පාසල් ළමුන්ද, සහභාගි වු අතර මෙම වැඩසටහන සාර්ථක කර ගැනිම සදහා 450 ක පමණ පිරිසකගේ සිය ශ්‍රම දායකත්වය ලබාදෙන ලදි.