Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

19th January 2025 23:45:50 Hours

මහනොච්චිකුලම වැවේ බැම්ම ප්‍රතිසංස්කරණයට 4 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් එක්වේ

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගල්කුලම මහනොච්චිකුලම වැවේ බැම්මට සුළු වශයෙන් හානි සිදුවී ඇති අතර එම තත්වය 4 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් විසින් වැලි කොට්ට යොදා තාවකාලිකව ප්‍රතිසංස්කරණය කරන ලදී. 21 පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්එස්සීකේ වනසිංහ ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ මගපෙන්වීම යටතේ 212 පාබල බලසේනාධිපති බ්‍රිගේඩියර් බීඒපීඑම් බාලසූරිය ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ අධික්ෂණය මත සිදුකරන ලදී.