Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

08th March 2024 12:19:22 Hours

මහ සිකුරාදා දිනයට සමගාමීව සිදුකරන ලද වාර්ෂික පාද යාත්‍රාව

කතෝලික ආගමේ මහ සිකුරාදා දිනයට සමගාමීව කුරුසය කර මත තබාගනිමින් සිදුකරනු ලබන වාර්ෂික පාද යාත්‍රාව 2024.03.06 වන දින මන්නාරම පනම්කට්ටුකොට්ටු ප්‍රදේශයේ පිහිටා ඇති ශාන්ත සෙබස්තියන් කතෝලික දේවස්ථානයේ පවත්වනු ලබන විශේෂ දේව මෙහෙයකින් පසු ආරම්භ කරන ලදි. එදින උදෑසන මන්නාරම ශාන්ත සෙබස්තියන් කතෝලික දේවස්ථානයෙන් කතෝලික බැතිමතුන්ගේ හා කතෝලික පූජකවරුන්ගේ සහභාගිත්වයෙන් ආරම්භ කල මෙම පාද යාත්‍රාව 54 පාබල සේනාංක මූලස්ථාන බලප්‍රදේශයෙන් 213 පාබල බළසේනා මූලස්ථාන බලප්‍රදේශයට ගමන් ගන්නා ලදී.

පාද යාත්‍රාව අවසානයේ 2024.03.08 වන දින වව්නියාව කෝමරසකුලම් කතෝලික දේවස්ථානය තුලදී මන්නාරම රදගුරු ලයනල් එම්මානුවෙල් ප්‍රනාන්දු පියතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට නියමිතව ඇත.

කතෝලික බැතිමතුන්ගේ මෙම වාර්ෂික පාද යාත්‍රාව සදහා 54 පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඑම්පීඑස්බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ උපදෙස් මත 54 පාබල සේනාංක මූලස්ථානයේ භට පිරිස් සහ 542 පාබල බළසේනාව සමග 4 වන ගජබා රෙජිමේන්තුව සහ 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුවෙහි භටපිරිස් විසින් බැතිමතුන්ගේ විඩාව නිවිම සදහා ස්ථාන කිහිපයකදි පානිය ජලය ලබාදීමක් සිදුකරන ලදී.