Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

01st January 2023 17:04:39 Hours

මනුසත් දෙරණ ව්‍යාපෘති මාලාව යටතේ ඇතාවැටුණුවැව මහා විද්‍යාලයේ සුහුරු පංති කාමර විවෘත කිරිමේ වැඩසටහන

දෙරණ මාධ්‍ය ජාලයට අයත් මණුසත් දෙරණ මගින් ක්‍රීයාත්මක කරනු ලැබු ප්‍රජා සත්කාර ව්‍යාපෘතියක් වන මු/ඇතාවැටුණුවැව මහා විද්‍යාලය වෙත අංග සමිපුර්ණ සුහුරු පංති කාමරයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වය මත සියලු වැඩ කටයුතු නිම කිරිමෙන් පසු 2022 දෙසැම්බර් මස 28 වන දින විද්‍යාල භුමියේදි සිසු අයිතියට පත් කරන ලදි.

මෙම ව්‍යාපෘතිය සදහා ඇවැසි ශ්‍රම දායකත්වය සහ අනෙකුත් සහය ආසේමු (වන්නි) බලප්‍රදේශයට අයත් 62 පාබල සේනාංකය යටතේ පාලනය වන 621 බලසේනාවට අයත් 14 වන ශ්‍රී ලංකා පාබල හමුදා බලඇණියේ භඨ පිරිස් සහ 62 පාබල සේනාංකායට අයත් ඉංජිනේරු සේවා භඨ පිරිස් ලබාදෙන ලදි. සුහුරු පංති කාමරය සදහා ඇවැසි සියලු විද්‍යුත් උපකරණ සහ අදාල පංති කාමරය ඉදිකිරිමට මුල්‍ය ප්‍රතිපාදන මණුසත් දෙරණ මගින් ලබාදි ඇත.

උත්සව අවස්ථාව සදහා දෙරණ මාධ්‍ය ජාලය නියෝජනය කරමින් මණුසත් දෙරණ සභාපති මහේෂ් ජයවර්ධන මහතා සහභාගි වු අතර, 62 පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්ඒජේඑන් ජානක රණසිංහ ආර්එස්පි යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් ඇතුලු 62 පාබල සේනාංකයේ සහ 621 පාබල බළසේනාවේ සිවිල් සමිබන්ධිකරණ නිලධාරි, 14 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි තුමන් මෙන්ම ඇතාවැටුණුවැව මහා විද්‍යාලයේ විදුහල්පතිනිය වන එචිපී හක්මනගේ මහත්මිය, ගුරුභවතුන්, දෙමාපියන් සහ සිසු සිසුවියන් සහභාගි වන ලදි.