Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

24th February 2024 18:02:12 Hours

මන්නාරමි දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් අතර නර්ථන තරගාවලියක් පැවැත්විම

542 පාබල බසේමු විසින් මන්නාරමි දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් අතර සංස්කෘතික නර්ථන තරගාවලියක් සංවිධානය කරන ලද අතර එම තරගාවලිය 2024.02.21 මන්නාරම නගරසභා ශාලාවේදි සවස 1400 පැයේ සිට 1800 පැය දක්වා පැවැත්වීය. ඒ සදහා මන්නාරම් දිස්ත්‍රික්කයේ දමිළ සහ මුස්ලිම් පාසල් නියෝජනය කරමින් පාසල් දාහතරක් සහභාගි විය.

එම තරගාවලිය සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස 54 පාබල සේමු සේනාංකාධිපති මේජර් ජනරාල් කේඑම්පිඑස්බී කුලතුංග ආර්එස්පි එන්ඩිසි පිඑස්සි සහභාගි වු අතර අනෙකුත් ආරාධිතයන් ලෙස මන්නාරම් දිසාපති ප්‍රදේශිය ලේකම් වරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මඩු සහ මන්නාරම ඇතුලූ රාජ්‍යය නිලධාරින් සහභාගි වුහ.

ඉහත තරගාවලිය 54 සේනාංකාධීපතිගේ උපදෙස් මත 542 බලසේනාධිපති කර්නල් ටිඑල්එම් චන්ද්‍රසේකර ආර්ඩබ්ලිව්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ 542 පාබල බසේමු සිවිල් සම්බන්ධිකරණ නිළධාරි මේජර් එම්වි ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ සම්බන්ධිකරණය සහ මෙහෙයවිමෙන් සිදුකරන ලදි. මෙහි සංවිධාන කටයුතු වල සාර්ථකත්වයට 4 ගජබා රෙජිමේන්තුව සහ 8 විජයබාහු පාබල රෙජිමේන්තුව යන ඒකකයන්හි දායකත්වය මහගු පිටුවහලක් විය.