Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

11th March 2024 12:29:14 Hours

මන්නාරම ප්‍රදේශයේ කල්ලියඩි ග්‍රාමයේ සිවිල් ජනතාව සහ යුද්ධ හමුදා සාමාජිකයින් වෙත පානීය ජලය සපයා ගැනීමට ජල පිරිපහදු ඒකකයක් ස්ථාපිත කිරීම

541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බීවයිසී ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ උදාරතර සංකල්පයට අනුව මන්නාරම ප්‍රදේශයේ කල්ලියඩි ග්‍රාමයේ වෙසෙන සිවිල් ජනතාව සහ යුද්ධ හමුදා සාමාජිකයින් වෙත අවශ්‍ය පානීයජලය සපයා ගැනීමට ජල පිරිපහදු ඒකකයක් මෙම කඳවුරු භූමියේ ස්ථාපිත කර, 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඑම්පීඑස්බී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් මෙම ප්‍රති ආස්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතිය 2024.03.06 වන දින විවෘත කරන ලැබූ අතර, මෙම අවස්ථාවට නිලධාරීන් සහ සෙසු නිලයින් මෙන්ම සිවිල් වැසියන්ද සහභාගී වන ලදී. මෙම ප්‍රති ආස්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතිය මගින් ඒ32 මන්නාරම - යාපනය මාර්ගයේ ගමන් ගන්නා මහජනතාව හට පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකිවේ. තවද, මෙම ප්‍රති ආස්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතියේ සියළු උපාංග යුද්ධ හමුදාව වෙතින් සපයා දී ඇති අතර, අනෙකුත් ඉදිකිරිම් කටයුතු සඳහා ශ්‍රමදායකත්වය 541 පාබල බලසේනාවේ භටපිරිස් වෙතින් සපයන ලදි.