Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

09th October 2025 09:14:15 Hours

මන්නාරම කඩ්ඩුකාරායන්කුඩිඉරුප්පු විද්‍යාලය සහ ප්‍රදේශයේ ජනතාව වෙත ජල පිරිපහදු ඒකකයක් ලබා දීම

76 වන යුද්ධ හමුදා දිනයට සමගාමීව මන්නාරම දිස්ත්‍රික්කයේ කඩ්ඩුකාරායන්කුඩිඉරුප්පු ග්‍රාමයේ ජනතාව සහ පාසල් දරුවන් සඳහා දීර්ඝ කාළයක සිට අඩුපාඩුවක්ව පැවති ජල පිරිපහදු යන්ත්‍රයක් 2025 ඔක්තෝබර් මස 06 වන දින කඩ්ඩුකාරයන්කුඩිඉරිප්පු පාසලේ ස්ථාපනය කරන ලදි.

මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කිරිම 54 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒඑම්සි අබේකෝන් ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යූඑස්පි එන්ඩීසි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මාර්ගෝපදේශකත්වයෙන් 543 බළසේනා මූලස්ථානයේ අධීක්‍ෂණය මත 11 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ පූර්ණ දායකත්වයෙන් සිදු කරන ලද අතර, මේ සදහා මූල්‍ය දායකත්වය වෛද්‍ය ජිනාන්ජලා ශානිකා විජය ගුණසේකර මැතිණියගේ අනුග්‍රාහකත්වයෙන් සිදු කරන ලද අතර මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා විදුහලේ විදුහල්පති,ගුරුවරුන්, හා සිසු දරු දැරියන් සහභාගි වන ලදී.

ප්‍රදේශයේ සිවිල් ජනතාව අතර සයයෝගීතාවය යුධ හමුදාව වෙත ලබා ගැනීමේ තවත් වැඩසටහනක් ලෙස මෙය හැදින්විය හැකිය. තවද, මෙම ජල පිරිපහදු යන්ත්‍රය සවි කිරීම තුළින් ප්‍රදේශයේ ජනතාවගේ ජල ප්‍රශ්ණය මහඟු පිටුවහලක් ලෙස වැඩි දුරටත් සඳහන් කළ හැක.