Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

14th March 2024 09:23:05 Hours

බෝගස්වැව මහා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උලෙළ සාර් ථක කර ගැනීම සදහා 11 ගැහේබ ඒකකය වෙතින් දැක්වූ දායක්වය

වව්නියාව බෝගස්වැව මහා විද්‍යාලයේ විදුහල්පති ඇතුලු සංවිධායක මණ්ඩලය වෙතින් කරනු ලැබූ ආරාධනාවට අනුව 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බෝගස්වැව මහා විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය සදහා සහභාගිවන ලදී. තවද, 563 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් වයිඑම්එස්සීබී ජයතිලක ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි අතුලු යුද්ධ හමුදාවේ හා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, බෝගස්වැව පොලිස් ස්ථානාධිපති ඇතුලු අනෙකුත් රාජ්‍ය සහ සිවිල් ආයතන නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගිවන ලදී. බෝගස්වැව මහා විද්‍යාල ක්‍රීඩා පිටියේ පැවති වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2024 මාර්තු 07 වන දින ඉතා සාර්ථකව පවත්වන ලද අතර, මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සදහා පාසලේ ළමුන්, ගුරුවරුන්, දෙමාපියන් සහ 11 වන බළඇණිය ගැමුණු හේවා බලකායේ රාජකාරි නියතු නිලධාරි/සෙසුනිලයින්ගේ විශේෂිත ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී.