Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

03rd May 2024 18:27:29 Hours

පෞරුෂ වැඩමුළු පැවැත්වීම - 2024.04.20 සිට 2024.04.26 දක්වා

ජාතික ආධුණිකත්ව හා කාර්මික පුහුණු කිරිම් අධිකාරිය වෙතින් 2024 වර්ෂයට අදාලව බදවාගත් අභ්‍යාසලාභීන් අභිප්‍රේරනය කිරිමට දින 05 ක පෞරුෂත්ව වැඩමුළුවක් 212 පාබල බළසේනා මුලස්ථානයේ අධික්ෂණය යටතේ 2024.04.20 වන දින සිට 2024.04.26 දින දක්වා කාලය තුල නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි.

එම පෞරුෂත්ව වැඩමුළුව 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් එච් කේ එස් එස් හේවගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් පිඑස්සි උපදෙස් මත 212 බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ආර් එම් සි රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි යන ජේයෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ මෙම වැඩමුළුව පැවැත්වු අතර ඒ සදහා බල ප්‍රදේශ වල රාජකාරි කරනු ලබන උපදේශන හැකියාව ඇති නිලධාරි සහ සෙසුනිලයින් සම්පත් දායකයින් ලෙස සහභාගි වන ලදි.