Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

10th April 2024 20:21:26 Hours

පෙරියකුලම් පාසලේ පාසල් භූමිය සුද්ධ පවිත්රු කිරීම, ජල නළ පද්ධතිය අලුත්වැඩියා කිරිම , ඉගෙනුම ළමුන් සදහා පාසල් උපකරණ හා දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනක් පැවැත්විම

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පි එන්ඩීසී පීඑස්සී යන ජ්‍යේෂඨ නිලධාරිගේ සංකල්පයකට අනුව 561 වන පාබල බළසේනා මූලස්ථානයේ බළසේනාධිපති කර්නල් එම්ජීඒ මලන්දෙනිය ආර්එස්පී යන ජ්යෙජෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ පෙරියකුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසලේ පාසල් භූමිය සුද්ධ පවිත්ර‍ කිරිම, ජලනළ පද්ධතිය අලුත් වැඩියා කිරිම, ළමුන් සඳහා පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීම සහ පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් කිළිනොච්චි මාස් ක්‍රීඩා වානවිල් හි සමාජ සේවා නිලධාරිනි සමිරි විජේරත්න මැතිනියගේ අනුග්‍රහයෙන් යුතුව 56 පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිෙග්ඩියර් ප්‍රනාන්දු යූඑස්පී ඒන්ජීසී අයිජී ගේ ප්‍රධානත්වයෙන් 2024 අප්‍රේල් මස 09 වන දින 1115 පැයේ සිට 1300 පැය දක්වා සිදුකරන ලදි.

තවද 56 සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, මාස් ක්‍රීඩා වානවිල් කිලිනොච්චි ආයතනයේ නිලධාරින් හා 561 වන පාබල බළසේනා මූලස්ථානයේ හා එයට අයත් ඒකකයන්හි ජ්‍යේෂඨ නිලධාරින්/ නිලධාරින්ගේ මෙන්ම භඨ පිරිස්හි සහභාගීත්වයෙන් යුතුව එම වැඩසටහන සාර්ථකව සිදුකරන ලදි.