08th February 2025 20:43:34 Hours
77 වන ජාතික නිදහස් දිනට සමගාමීව 212 පාබල බළසේනාධිපති බ්‍රිගේඩියර් බි ඒ එම් පී බාලසුරිය ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ, කැකිරාව කිරිමැටියාව ගාමිනි විද්‍යාලයේ ළමුන් 32 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2025 පෙබරවාරි මස 04 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා කොට්ටාව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික ජගත් කුමාර මහතා විසින් මූල්‍ය පරිත්‍යාගය සිදු කරන ලද අතර, පාසල් සිසු දරු දැරියන් සහ ගුරු භවතුන් සදහා 7 වන ශ්‍රි ලංකා සන්නහා සන්නද්ධ බලකාය වෙතින් දිවා ආහාර වේලක් ද ලබා දෙන ලදී.