Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

15th March 2024 23:22:43 Hours

පාලිනගර් ප්‍රදේශයේ දෘශ්‍යාබාධිත අයවලුන් සදහා අක්ෂි වෛද්‍ය සායනයක් සංවිධානය කිරීම

56 පාබල සේමු යටතේ ඇති 10 ශ්‍රීලපාහ විසින් පාලිනගර් ප්‍රදේශයේ දෘශ්‍යාබාධිත අයවලුන් සදහා සහය වීමේ අරමුණින් අක්ෂි වෛද්‍ය සායනයක් 2024 මාර්තු 14 වන දින එම කඳවුර තුළදී පවත්වන ලදී. අධියර දෙකක් යටතේ පැවැත්වෙන මෙම වැඩසටහනේ පළමු අධියර ලෙස දෘශ්‍යාබාධිත අයවලුන්ගේ අක්ෂි සායනය සදහා රෝගීන් 275 පැමිණි අතර, දෙවන අධියර ලෙස ඔවුන් හට ඇස් කණ්ණාඩි පරිත්‍යාගය සහ සැත්කම් සදහා ඉදිරිපත් කිරීමට නියමිතය.

56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩිසී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ මගපෙන්වීම හා උපදෙස් පරිදි 561 බළසේනාධිපති කර්නල් එම්ඒජී මලන්දෙණිය ආර්එස්පී සහ 10 ශ්‍රීලපාහ ඒකක අණදෙන නිලධාරී මේජර් කේඒකේ හේවාපතගේ ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් පුනුරුත්ථාපන සහ නැවත පදිංචි කිරීම සහ සහයවීමේ සංවිධානයේ ලේකම් ආචාර්‍ය සර්වේෂ්වරන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී. තවදුරටත් මෙම අක්ෂි සායනය සදහා සහභාගි වූවන් වෙත ආහාර වේලක් ලබා දීමට කටයුතු කරන ලදි.

56 පාබල සේනාංක සේනාංකාධිපති, පුනුරුත්ථාපන සහ නැවත පදිංචි කිරීම සහ සහයවීමේ සංවිධානයේ නිලධාරීන්, 56 පාසේමු කර්නල් සම්බන්ධීකරණ, අණදෙන නිලධාරී 10 ශ්‍රීලපාහ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් මෙම අවස්ථාව සඳහා සහභාගී වන ලදී.