Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

16th March 2022 00:13:07 Hours

පාබල බළඇණි පුහුණු පාඨමාලාව ආරම්භ කිරීම

පාබල සෙබලුන්ගේ ශාරිරික යෝග්‍යතාවය, යුධ උපකරණ පුහුණුව සහ පෙර සුදානම යන සාධක වැඩි දියුණු කිරීම අවශ්‍යය වන අතර, බළඇණි පුහුණුවීම් තුලින් ලද පුහුණුව අඛණ්ඩව පවත්වා ගැනීම හා වැඩිදියුණු කිරිමට එම පුහුණුව මහඟු පිටුවහලක් වනු ඇත. බළඇණි පුහුණුව මගින් පාබල ඒකකයක සෙනීන් හට අභ්‍යන්තර ආරක්ෂික රාජකාරි, ප්‍රතිත්‍රස්ථ සටන්, කැලැබඳ සටන්, නගරබද සටන් හා සාම්ප්‍රදායික යුධ උපක්‍රම හඳුන්වාදීම මගින් වෘත්තීය නිපුණත්වයෙන් හා නායකත්ව ගුණාංගයෙන් හෙබි ප්‍රතිඵලදායි හා ක්‍රියාශිලිත්වයෙන් ඉහළ වෘත්තීමය නිපුණත්වයකින් යුත් සෙබලෙකු බිහිකිරිමට උපකාරී වේ.

ඒ අනුව යුද්ධ හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව 65 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ ඒ සමරසිරි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යූඑස්පී පීඑස්සී යන ජ්‍යෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය සහ මඟපෙන්වීම යටතේ 2022 වසර සඳහා වන පළමු බළඇණි පුහුණු පාඨමාලාව 2022.03.08 වන දින සිට 2022.04.30 දින දක්වා බපුපා - මුලංකාවිල් හි 19 ශ්‍රීලපාහ ඒකකය සඳහා ආරම්භ කල අතර, පාඨමාලාවේ ආරම්භක දේශණය 65 පාබල සේමු සේනාංකාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.