Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

17th May 2022 18:21:24 Hours

පානීය ජලසැපයුම් සම්බන්ධතාවයක් ලබාදීම

561 පාබල බළසේනා බළ ප්‍රදේශයේ කනගරායන්කුලම් උතුර ග්‍රාමසේවා වසමේ පෙරියකුලම් රජයේ දමිළ මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන දරු දැරියන් හා ගුරුවරුන්ගේ ප්‍රයෝජනයට පානීය ජල සැපයුම් සම්බන්ධතාවයක් ලබාදීම සදහා ප්‍රංශයේ වෙසෙන කුමාරසිංහම් මුතුකුමාර් මහතාගේ සහ දෙහිවල පත්මහංස ප්‍රජාසේවා ව්‍යාපෘතිය මගින් ආධාර ලබාදෙන ලදි. මෙම වැඩසටහන 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එල්ඩීඑස්එස් ලියන්ගේ ආර්එස්පි යුඑස්පි පිඑස්සී එච්ඩීඑම්සී, 561 පාබල බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති බ්‍ර්ගේඩියර් ජිපිපි කුලතිලක යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධීක්ෂණය යටතේ 2022.04.22 වන දින සිදු කරන ලදි.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා 651 පාබල බළසේනාවේ බළසේනාධිපති, සිවිල් සම්බන්ධීකරණ නිළධාරි, මේජර් පාලන භටකාර්ය සම්පාදන නිළධාරි, සහකාර භටකාර්ය සම්පාදන නිළධාරි හා සෙසු නිළයින් 20 ක් සහභාගි විය.