Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

02nd September 2022 23:26:05 Hours

ප්‍රථම වරට අස්වනු නෙලීමේ මංගල්‍ය උත්සවය

යුද්ධ හමුදාව වෙතින් ක්‍රියාත්මක කරනු ලබන හරිත වගා සංග්‍රාමයට සමගාමිව මෙම මුල භඨපිරිස් සහභාගිත්වයෙන් 100% ක් කාබනික පොහොර පමණක් භාවිතා කරමින් දේශීය සම්බා, බාස්මති සහ රන් කහවනු යන වි ප්‍රබේදයන් යොදා ගනිමින් අක්කර 1 ½ ක ප්‍රමාණයක වී වගාවක් 2022.05.21 වන දින අනුරාධපුර වෙස්සගිරිය ප්‍රදේශයෙදි ආරම්භ කරන ලදි.

එහි අස්වනු නෙලිම 2022.08.30 වන දින ඉදිරි නඩත්තු පෙදෙස(උතුරු මැද) ආඥාපති මේජර් ජෙනරාල් එම්ඊපි විරසිංහ යුඑස්පි ඒටිඕ ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ප්‍රධානත්වයෙන් සහ කර්නල් ඉදිරි නඩත්තු පෙදෙස කර්නල් ඩබ්පිඩබ්සි පෙරේරා එල්එස්සි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි/නිළධාරින් හා සෙසුනිළයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වු අතර, එම අවස්ථාවට ව්‍යාපෘතිය සදහා තාක්ෂණික දැනුම ලබාදුන් ප්‍රගති සේවා පදනමේ කළමණාකාරණ අධ්‍යක්ෂ පරිසරවේදි කුමුදු ගුණවර්ධන මහතාද සහභාගි විය. අදාල කාර්තව්‍යයට ආශිර්වාද කිරිම සදහා මිරිසවැටිය විහාරාධිපති රජරට විශ්ව විද්‍යාලයේ කුලපති පුජ්‍ය ඊතලවැටුණු වැවේ ඥාණතිලක ස්වාමින් වහන්සේද වැඩම කරන ලදි.