Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

29th February 2024 13:25:32 Hours

ප්‍රජා සත්කාර වැඩසටහන් යටතේ බලප්‍රදේශයේ ක්‍රිඩා සමාජ අතර සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීම

54 පාබල බලසේනාවේ සේනාංකාධිතුමන්ගේ සංකල්පයකට අනුව 541 පාබල බළසේනා මුලස්ථාන බලප්‍රදේශයට අයත් මාන්තෛයි ( බටහිර ) ප්‍රාදේශිය ලේකම් කාර්යාල බළප්‍රදේශය තුල පිහිටි ක්‍රිඩා සමාජ අතර, සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් 541 පාබල බළසේනා මුලස්ථානය හා පෙරියමඩු අයිඩා (IYDA) ක්‍රිඩා සමාජය එක්ව 2024.02.23, 24 සහ 25 යන දිනයන් හිදි පෙරියමඩු (බටහිර ) ක්‍රිඩාංගනයේදී පවත්වන ලදි.

මෙම තරගාවලිය සදහා ක්‍රිඩා කණ්ඩායම් 10 ක් සහභාගීවු අතර, සමාරම්භක උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස 54 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඑම්පීඑස්බී කුලතුංග ආර්එස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි විය, ත්‍යාග ප්‍රධානෝත්සවය සදහා 541 පාබල බලසේනාධිපති බ්‍රිගේඩියර් බීවයිසී ප්‍රනාන්දු ආර්ඩබ්ලිවිපී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීසහභාගි විය. ක්‍රීඩා තරගාවලිය නැරඹීම සදහා ප්‍රදේශවාසීන් 800 කට අධික පිරිසක් සහභාගි වූ අතර, කුසලාන සදහා මූල්‍යමය දායකත්වය අයිධා ක්‍රිඩා සමාජය හා පෙරියමඩු ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයන් විසින් සිදුකරන ලදී.