Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

30th January 2024 17:25:58 Hours

ප්‍රජා සත්කාර වැඩසටහන් යටතේ අඩුආදායම් ලාභී පවුල් වල පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ බෙදාදීම

541 පාබල බසේමු යටතේ පාලනය වන 10 (සෙව්) ගැහේබ ඒකක බළප්‍රදේශයේ පදිංචි අඩු ආයම්ලාභී පවුල් වලට අයත් 2023 වර්ෂයේ අපො:ස (සා/පෙළ) සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් උසස් ලෙස සමත් වු සිසු සිසුවියන් 36 දෙනෙකු සඳහා ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශය පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2024.01.27 වන දින 54 පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඑම්පීඑස්පී කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සි සහ 541 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් බීවයිසී ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ලාගේ උපදෙස් හා මගපෙන්වීම අනුව 10 (සෙව්) ගැහේබ ඒකක නිලධාරී/සෙනින් විසින් සිදුකරන ලදි. එක් පාසල් සිසුවෙකු සඳහා ලබාදුන් උපකරණ කට්ටලය සපත්තු ජෝඩු, පොත් බෑග්, අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ ඇතුලත් වන ලද අතර, එක් උපකරණ කට්ටලයක් රු:10000.00 කට අධික වටිනාකමකින් යුක්ත විය.

මෙම පාසල් උපකරණ ලබාදීම සඳහා මුල්‍ය දායකත්වය කොළඹ ප්‍රදේශයේ පදිංචි ආදි ආනන්දියන් වන විමුක්ති විජේසිංහ, තිසර තෙන්නකෝන්, අසේල විජේකෝන් යන මහත්වරු විසින් සිදුකරන ලදි. වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 54 පාබල සේනාංකාධිපති තුමා සහභාගී වු අතර, 541 පාබල බළසේනාධිපති 10 (සෙව්) ගැහේබ ඒකක අණදෙන නිලධාරි ඇතුළු නි/සෙසුනිළ මූල්‍ය අනුග්‍රහය දැක්වු ධානපතියා, මඩු කාළාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක, ප්‍රදේශයේ විදුහල්පති වරුන් ඇතුළු ගුරුවරුන් හා පාසල් සිසුන් සහභාගී විය.