Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

27th October 2022 18:16:29 Hours

පහට පහක් 2022

පහට පහක් 2022 වැඩසටහන් මාලාව යටතේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දුවා දරුවන් සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර බෙදාදිමේ වැඩසටහනක් 2022.10.25 දින යාය 11/12 සමන්පුර විද්‍යාලයේදී පවත්වන ලදි.

මෙහිදි 622 පාබල බලසේනා බලප්‍රදේශයේ පාසල් 15 ක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දුවා දරුවන් 290 ක් සඳහා ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල 10 බැගින් පිරිනැමීම සිදුකරන ලදි.

මෙම වැඩසටහන 62 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුජිව හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිවිපී ආර්එස්පී යුඑස්පී එන්ඩියු පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමාගේ උපදෙස් හා මඟපෙන්විම යටතේද, 622 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඉනෝජ් හේරත් ආර්එස්පී යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමාගේ අධික්ෂණය යටතේ හා 9 වන හා 20 වන ගජබා රෙජිමේන්තු හි අණදෙන නිලධාරි වරුන්ගේ සංවිධානයෙන් යුතුව සිදුකරන ලදි.

මෙම ව්‍යාපෘතිය සදහා පුර්ණ මුල්‍ය අනුග්‍රාහකත්වය කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශීෂ්‍ය මිතුරු කැළ, ශ්‍රී ජයර්ධනපුර විශ්ව විද්‍යාලීය ආදී විද්‍යාර්ථ මිතුරු කැළ සමගින් හා ප්‍රසාද් ලොකුබාලසුරිය මහතාගේ සංකල්පයකට අනුව සිදු කරන ලදි. තවද මෙම කාර්යය සඳහා තිලංක මෙන්ඩිස් මහතා, කුෂාන් චතුරංග මහතා, නදීර ජයසිංහ මහතා, සඳමාලී ගෝනගල මහත්මිය හා සචින් ගයාන් වික්‍රමආරචිචි මහතා විසින් අනුග්‍රාහක දායකත්වය ලබා දෙන ලදි.