Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

08th December 2023 07:55:39 Hours

නොවැම්බර් 29 වන දින වන්නි ආරක්ෂක සේනා ආඥාපති 3 වන ශ්‍රී ලංකා යුධ හමුදා වෛද්‍ය බලකායේ නිල සංචාරයක නිරත විය.

ආරක්‍ෂක සේනා ආඥාපති (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් පී ඒ ඩී ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයු 2023 නොවැම්බර් 29 වන දින 3 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ නිල සංචාරයක නිරත විය. 3 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකා පරිශ්‍රයේදී අණදෙන නිලධාරි මේජර් එස්එචි එස් මධුභාෂිනී යූඑස්පී විසින් එතුමන් පිළිගන්නා ලද අතර, බලඇණියේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී. අනතුරුව මූලස්ථාන කාර්යාල සංකීර්ණ පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කරන ලදී.

පසුව, අණදෙන නිලධාරි විසින් ඒකකයේ කාර්ය භාරය, ආසේමු (වන්නි) බල ප්‍රදේශය තුළ වෛද්‍ය ආයතන සහ වෛද්‍ය වෘත්තිකයන් යෙදවීම සහ 3 වන රෙජිමේන්තු ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ පවත්වනු ලබන පාඨමාලා පිළිබඳව සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් මගින් ආරක්‍ෂක සේනා ආඥාපතිවරයා දැනුවත් කරන ලදී. තවද, ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් ආරක්‍ෂක සේනා මූලස්ථාන ආසේමු (වන්නි) බල ප්‍රදේශය‍ෙහි භට පිරිස් සඳහා සෞඛ්‍ය ප්‍රවර්ධන සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පිළිබඳව ඵලදායී සාකච්ඡාවක් පවත්වන ලදී.

ඉන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපතිවරයා හමුදා හෙද පුහුණු පාසලට වෙන්කර ඇති පෙර නිමි ගොඩනැගිල්ලේ ඉදිකිරීම් භූමියේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම අවස්ථාව සඳහා 2 වන ඉන්ජිනේරු සේවා බලකායේ අණදෙන නිළධාරී ද සහභාගී වූ අතර, ආරක්ෂක සේනා ආඥාපතිවරයා විසින් ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සඳහා උපදෙස් ලබා දෙන ලදී.

අනතුරුව ආඥාපතිතුමන් සෙසු නිලයින්ගේ නවාතැන් වෙත ගොස් එ්වායෙහි අඩු පාඩු පිළිබඳ සොයා බලන ලදී. පසුව 3 වන රෙජිමේන්තුවේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ අණදෙන නිළධාරී විසින් සමරු තිළිණයක් ප්‍රදානය කරන ලද අතර අවසාන වශයෙන් සංචාරය සනිටුහන් කරමින් ආඥාපතිතුමන් විසින් අමුත්තන්ගේ පොතෙහි සටහනක් තබන ලදී.

මෙම සංචාරයේදී ආරක්‍ෂක සේනා ආඥාපතිවරයා අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිහිටි “ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව” අනුස්මරණ හමුදා වාට්ටුව නැරඹීමටද අමතක නොකළේය. ආරක්‍ෂක සේනා ආඥාපතිතුමා එහි ප්‍රතිකාර ලබන හමුදා සෙබළුන් සමඟ සාකච්ඡා කර වාට්ටුවේ පහසුකම් පරීක්‍ෂා කර එම පහසුකමි වැඩිදියුණු කිරීමට උපදෙස් ලබා දුන්නේය. ඉන්පසු ආඥාපතිතුමන් ශික්ෂණ රෝහල් පරිශ්‍රයේ ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සිදුකරනු ලබන ඉදිකිරීම් පිළිබඳව ද නිරීක්ෂණය කරන ලදී. මෙම අවස්ථාවට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ද සහභාගී විය.