04th September 2024 15:36:15 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 14 (V) ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් තන්ඬුවාන්, නෙඩුන්කේනි, ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා ඇති පවුලක් සඳහා නව නිවසක් ඉදි කර දෙන ලදී.
2024 සැප්තැම්බර් මස 04 දින එම නිවස, ප්‍රථිලාභින් වෙත පවරාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් සහභාගී විය.
59 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ සහ 592 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජී ජී සී එස් ගාල්ලගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම මත 14 (V) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි මේජර් එච් ඩී එම් ඒ පී එම්කේ දිසානාය ගේ අධීක්ෂණය යටතේ නිවස ඉදිවු අතර නිවස ඉදිකිරීම සඳහා 14 (V) ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් ශ්‍රම දායකත්වය හා සම්පත් දායකත්වය ලබා දීම සිදුකර ඇත.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් වැසියන් සහභාගි වූහ.