Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

15th July 2024 18:27:14 Hours

නෙදුන්කර්නි ප්‍රදේශයේ දෘශ්‍යාබාධිත අයවලුන් සඳහා අක්‍ෂි වෛද්‍ය සායනයක් පැවැත්වීම

56 සේනාංක භඨ පිරිස් විසින් නෙදුන්කර්නි ප්‍රදේශයේ දෘශ්‍යාබාධිත අයවලුන් සඳහා සහයවිමේ අරමුණින් අක්‍ෂි වෛද්‍ය සායනයක් 2024 ජුලි මස 13 වන දින 16 ශ්‍රීලංසිරෙ “බී” කණ්ඩායම් කදවුරු භූමියේදී පවත්වන ලදී. අධියර දෙකක් යටතේ පවත්වනු ලබන මෙම වැඩසටහන සඳහා පළමු අධියර සඳහා දෘශ්‍යාබාධිත අයවලුන් 291 ක් සහභාගී විය. මෙහි දෙවන අධියර ලෙස මේ අතරින් 33 දෙනෙකු ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහාද, 10 දෙනෙකු ඇස් කණ්ණාඩි ලබා ගැනීම සඳහාද, 211 දෙනෙකු කියවීම් කණ්ණාඩි ලබා ගැනීම සඳහාද යොමු කරන ලදී.

56 සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් සහ මඟපෙන්වීම යටතේ 561 බළසේනාධිපති කර්නල් එම් ජී ඒ මලන්දෙණිය ආර්එස්පී සහ 16 ශ්‍රීලංසිරෙ අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්ඒඑම්කේ වන්නිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සම්බන්ධීකරනයෙන් සහ නැවත පදිංචි කිරීමට සහයවීමේ සහ පුනුරුත්තාපනය කිරීමේ සංවිධානයේ ලේකම් වෛද්‍ය සර්වේෂ්වරන් මහතාගේ දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.

56 සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්එස්වී ප්‍රනාන්දු යූඑස්පී එන්ඩීසී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 561 බළසේනාධිපති, නැවත පදිංචි කිරීමට සහයවීමේ සහ පුනුරුත්තාපනය කිරීමේ සංවිධානයේ සාමාජිකයින්, 56 සේනාංකයේ කර්නල් (සම්බන්ධිකරණ), අණදෙන නිලධාරී 16 ශ්‍රීලංසිරෙ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.