Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

07th April 2023 22:38:06 Hours

නිලන්ති පෙරේරා මැතිනියට පිං පිණිස හා හැරී ජයවර්ධන මැතිතුමන්ට සියලු දෙවි පිහිට සහ දීර්ඝායුෂ පතා2023.04.02 වන දින වැලිඔය 621 පාබල බලසේනා මූලස්ථානයේ දි අඩු ආදායම්ලාභි පවුල් 30ක් සදහා සිදුකරනු ලබන වියලි සලාක/පාසල් උපකරණ බෙදා දිමේ වැඩසටහන.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායට අයත් නි/50999 මේජර් ජෙනරල් ඒඑම් පෙරේරා යන විශාමික ජ්‍යෙෂ්ඪ නිලධාරි තුමන්ගේ ආදරණිය බිරිද මියගොස් දැනට වසර 03ක් පිරිම නිමිත්තෙන් බිරිදට පිං පිණිස හා හැරී ජයවර්ධන මැතිතුමන්ට සියලු දෙවි පිහිට හා දීර්ඝායුෂ පතා මෙම පාබල බලසේනා මූලස්ථාන බලප්‍රෙද්ශය තුල ජිවත් වන අඩු ආදායම් ලාබි පවුල් 30ක් සදහා වියලි සලාක මලු හා මුදල් ආධාර බෙදා දිමේ වැඩසටහනක් මෙම පාබසේමු හීදි 2023.04.02 දින 1130 පැයට පමණ සිදුකරන ලද බැව් මින් කාරැණිකව දන්වා සිටිමි.

මෙම උත්සව අවස්ථාව සදහා ඉහත සදහන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරි හා එතුමන්ගේ පුතනුවන් හා දියණිය 621 පාබසේමු බලසේනාධිපති, 621 පාබසේමු සිවිල් සම්බන්ධිකරණ නිලධාරී, ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරිවරුන් පිරිසක් සහභාගි වූහ.