Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

29th December 2023 16:28:40 Hours

නියෝජ්‍ය සේනාංකාධිපති වැඩ භාර ගැනීම - 56 පාබල සේනාංකය

56 පාබල සේනාංක මූලස්ථායේ නියෝජ්‍ය සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ඩබ්ලිව්එස්වී ප්‍රනාන්දු යූඑස්පී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 දෙසැම්බර් මද 23 වන දින පෙරවරු 0855 පැයට එළබුන සුභ මොහොතින් සේනාංක මූලස්ථානයේදී නවතමයෙන් රාජකාරි භාර ගන්නා ලදී.

මෙම මොහොත සංකේතවත් කරමින් එතුමන් විසින් රාජකාරි ලිපියක් සදහා අත්සන් යෙදිම තම කර්යාලයෙදී සිදු කරන ලදී.

බළසේනාධිපති වරුන්, ඒකක අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරීන් සහ ‍සෙසු නිලයන්ගේ සහභාගීත්වයෙන් අවස්ථාව වර්ණවත් විය.