Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

08th February 2023 15:02:11 Hours

නිදහස් දිනයට සමගාමීව ප්‍රජා සත්කාර සේවාවන්

හැත්තෑ පස්වන ජාතික නිදහස් දිනයට සමගාමීව ආරක්ෂක සේනා වන්නි මූලස්ථානය වෙතින් දුම්රිය ස්ථාන සහ ඒ-9 මාර් ග දෙපස සුද්ද පවිත්‍ර කිරීමේ ප්‍රජා සත්කාරක සේවාවක් 2023 පෙබරවාරි මස 2, 3, 4 සහ 5 යන දිනයන්හිදී සිදුකරන ලද අතර එහි අවස්ථා කිහිපයක ඡායාරූප මෙහි දැක්වේ.

ආරක්ෂක සේනා මූලස්ථානය භට පිරිස් සහ 21 සහ 56 පාබල සේනා භට පිරිස් එක්ව ඒ-9 මාර්ගයේ දඹුල්ලේ සිට ඕමන්ත දක්වා මාර් ග දෙපස සහ අනුරාධපුරය, වව්නියාව සහ මන්නාරම ප්‍රධාන දුම්රිය ස්ථාන ශුද්ධ පවිත්‍ර කිරීම මෙහිදී සිදු විය.