Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

09th July 2022 08:41:06 Hours

නව සේනාංකාධිපති රාජකාරි භාර ගැනීම - 65 පාබල සේනාංකය

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 65 වන පාබල සේනාංකයේ 14 වන සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ඊ ඒ ඩී පී එදිරිසිංහ පීඑස්සීයන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022.07.01 වන සිකුරාදා දින 65 වන පාබල සේනාංක මූලස්ථානයතුනුක්කායි හිදි ආගමික ආශිර්වාද මධ්‍යයේ වැඩ භාර ගන්නා ලදී.

65 වන පාබල සේනාංකයේ නව සේනාංකාධිපති කදවුරු පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් විසින් සම්මාන මුරයක්පිරිනමන ලදි. අනතුරුව සේනාංකයේමාණ්ඩලික නිලධාරීන් විසින් නව සේනාංකාධිපති උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

පසුව, මේජර් ජෙනරාල් ඊ ඒ ඩී පී එදිරිසිංහපීඑස්සීජ්‍යෙෂ්ඨ නිලධාරි තම සේනාංක මුලස්ථාන කාර්යාලයේ දී ‘සෙත් පිරිත්’ සච්ඡායනා මධ්‍යයේ සිය ධූරයේ වැඩ භාරගැනීම සනිටුහන් කරමින් නිල ලේඛනයකට සිය අත්සන තැබීය. අනතුරුව එම අවස්ථාව සනිටුහන් කිරිම වස්කදවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළේය. මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, 65 වන පාබල සේනාංකමූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වන ලදී.