Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

20th March 2024 00:35:52 Hours

නව රැකියා අවස්ථා ලබාදීම වෙනුවෙන් පැවැත්වූ සම්මුඛ පරික්‍ෂණයේ වැඩසටහන් විස්තරය

ආරක්‍ෂක සේනා මුලස්ථානය (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්පීඒඩිඩබ්ලිව් නානායක්කාර ආර්එස්පීවීඑස්වී යුඑස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ සංකල්පයකට අනුව 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්පීඑම් විජේසුරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්‍ගේ මගපෙන්වීම යටතේ 593 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එච්වීඒ සෝමවිර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ පූර්ණ අධික්‍ෂණය යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ ජිවත්වන සිවිල් වැසියන් හා යුද්ධ හමුදාව අතර, සුහදත්වය හා සංහිඳියාව ඇති කිරීමේ අරමුණින් යුතුව MASHOLDING ආයතනය සමග සම්බන්ධතාවයෙන් යුතුව තරුණ තරුණියන් සඳහා නව රැකියා අවස්ථා ලබාදීම වෙනුවෙන් සම්මුඛ පරික්‍ෂණ වැඩසටහනක් 6 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුව මුලස්ථාන කඳවුර පුදුකුඩිඉරුප්පුහීදි 2024 මාර්තු 16 වන දින 0900 පැයේ සිට 1430 පැය දක්වා 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්පීඑම් විජේසුරිය ආර්ඩබ්ලිවිපී ආර්එස්පී එන්ඩීයූ යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි.

මේ සඳහා 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්එම්පීඑම් විජේසුරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු, 593 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් එච්විඒ සෝමවිර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී, 593 පාබල බළසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිළධාරි මේජර් සිඑන් රණවීර ගැහේබ, 6 වන ශ්‍රි ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිළධාරි කේඑන්සි ද සිල්වා ශ්‍රිලජාආබමු යන ජ්‍යෙෂ්ඨ නිළධාරින් සහ MASHOLDING ආයතනයේ කාර්යමණ්ඩලය සහ සම්මුඛ පරික්‍ෂණය සඳහා ප්‍රදේශයේ තරුණ තරුණියන් 178 දෙනෙකු පමණ සහභාගි වන ලදි.