27th April 2024 23:23:07 Hours
මානව ත්‍යාගශීලීත්වයේ දෑත් දිගු කරමින් නන්දිමිත්‍රගම පැවැති අක්ෂි සායනයේ දිගුවක් ලෙස ප්‍රදේශයේ දෘශ්‍යාභාධිත අයවලුන් 166 සදහා ඇස් කණ්ණාඩි බෙදාදීම 56 පාබල සේනාංක භඨ පිරිස් විසින් 2024 අප්‍රේල් මස 24 වන දින 11 ගැමුණු හේවා බළඇණියේ ''බී'' කණ්ඩායම් කදවුරු පරිශ්‍රයේදී පුනුරුත්ථාපනය සදහා සහයවිමේ සහ නැවත පදිංචි කිරීමේ සංවිධානයේ සුසංයෝගයෙන් පවත්වන ලදී.
56 සේනාංකධිපති මේජර් ජෙනරාල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මග පෙන්විම යටතේ 563 බලසේනාධිපති බ්‍රිගේඩියර් වයිඑම්එස්සීබී ජයතිලක ආර්එස්පී යූඑස්පී සහ 11 ගැමුණු හේවා බළඇණි අණදෙන නිළධාරි මේජර් එන්කේඑච්ආර් නානායක්කාර ආර්ඩබ්ලිව්පී එල්එස්සීජ්යෙෂ්ඨ නිළධාරිගේ සම්බන්ධීකරණයෙන් සහ පුනුරුත්ථාපනය සදහා සහයවිමේ සහ නැවත පදිංචි කිරීමේ සංවිධානයේ ආචාර්ය සර්වේෂ්වරන් මහතාගේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහනපවත්වන ලදී.
56 සේනාංකාධිපති, පුනුරුත්ථාපනය සදහා සහයවිමේ සහ නැවත පදිංචි කිරීමේ සංවිධානයේ කාර්යමණ්ඩලය, 56 නියෝජ්‍ය සේනාංකාධිපති, 563 බලසේනාධිපති , සිවිල් සම්බන්ධීකරන නිලධාරීන් 56 පාබල සේනාංකය සහ 563 පාබල බළසේනාව, අණදෙන නිළධාරි 11 ගැමුණු හේවා බළඇණිය, ජ්‍යෙෂ්ඨ නිළධාරින/ නිළධාරින් සහ සෙසුනිලයින් මෙම අවස්ථාව සදහා සහභාගි වන ලදී.