Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

02nd January 2024 20:09:14 Hours

දෙවැනි පොල් ත්‍රිකෝණය උතුරට වැඩසටහනට සමගාමිව කදවුරු භූමිය තුල පොල් පැල රෝපණය කිරිමේ වැඩසටහනක් පැවැත්විම

අතිගරු ජනාධිපති තුමාගේ සංකල්පයකට අනුව දෙවැනි පොල් ත්‍රිකෝණය උතුරට යන වැඩ සටහනට සමගාමිව ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්පීඒඩීඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී යුඑස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ උපදෙස් පරිදි 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ජිපීඑම් කාරියවසම් ආර්එස්පි එන්ඩීසි පීඑස්සී අයිජී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ මගපෙන්විම යටතේ 561 පාබල බළසේනා මුලස්ථානයේ බළසේනාධිපති කර්නල් එම්ජිඒ මලන්දෙනිය ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ අධීක්ෂණය යටතේ කදවුරු භූමිය තුල පොල් පැල 175 ක් රෝපණය කිරිමේ වැඩසටහනක් 2023.12.28 වන දින පවත්වන ලදි.

ඒ අනුව එම වැඩසටහන සදහා බළසේනාධිපති තුමා‚ සිවිල් සම්බන්ධිකරණ නිලධාරි‚ ප්‍රමානි 3 (ක්‍රියා) නිලධාරි ‚ සහකාර පාලන භකාස නිළධාරි හා සෙසු නිලයින් 25 දෙනෙකගේ සහභාගිත්වයෙන් සාර්ථකව නිම කරන ලදි.