Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

15th March 2024 23:26:17 Hours

දිඝවාපි චෛත්‍යයේ තැන්පත් කිරීමට නියමිත සර්වඥ ධාතුන් වහන්සේලා වැඩම කරවීම

දිඝවාපි චෛත්‍යයේ තැන්පත් කිරීමට නියමිත සර්වඥ ධාතුන් වහන්සේලා සහ පැළදවීමට නියමිත චුඩා මාණික්‍ය රැගත් රිය පෙරහැර 2024.03.13 වනදින තඹුත්තේගම වෙහෙරගල බෞද්ධ මධ්‍යස්ථානය වෙත වැඩම කරවනු ලැබීය.

එම රිය පෙරහැර 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් එච් කේ එස් එස් හේවගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි ආර්සිඩිඑස් පිඑස්සි, 212 බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් ආර් එම් සි රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි, 4 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එච්ඩිආර් සේනාධීර ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ තඹුත්තේගම ප්‍රාදේශිය ලේකම් ආර්එම්එස්කේ සෝමරත්න මහතා ඇතුළු සම්භාවනිය අමුත්තන් විසින් කළාඔය පාලම අසලදි ගෞරවපුර්වකව හා මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදි. එය 2024.03.13 සිට 2024.03.15 වන දින දක්වා ප්‍රදේශවාසි බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතු සදහා තඹුත්තේගම වෙහෙරගල බෞද්ධ මධ්‍යස්ථානයේ තැන්පත් කර ඇත.