Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

18th August 2022 10:27:49 Hours

දමිළ භාෂා පුහුණු පාඨමාලාවන් ආරම්භ කිරීම

65 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේඡර් ජෙනරාල් ප්‍රසාද් එදිරිසිංහ ඡ්‍යෙෂ්ඨ නිලධාරීගේ අධීක්ෂණය හා මග පෙන්වීම යටතේ බලප්‍රදේශයේ සිටින නිලධාරීන් හා සෙසුනිලයින්ගේ දමිළ භාෂාව කියවිම ලිවිම කතන හැකියාව වැඩි දියූණු කිරිම සදහා 2020 අගෝස්තු මස 09 දින සිට දමිළ භාෂා පාඨමාලාවන් පැවැත්වීම ආරමිභ කෙරිනි. මෙම පාඨමාලාවන් සේනාංක මූලස්ථානය, බළසේනා මූලස්ථාන සහ බළඇණි මූලස්ථානවල පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර සූදූසූකම් ලත් දමිළ භෂා උපදේශකයන්ගේ සේවය මේ සදහා ලබා ගැනිම සිදු කරනු ලැබේ.

මෙම පාඨමාලාවන්හි අරමූණ වනුයේ නිලධාරින් සහ සෙසුනිලයින් අතර දමිළ භාෂාව පිළිබද අවබෝධය සහ සංනිවේදනය ඇති කිරීමයි. මෙම අවස්ථාව අදියර වශයෙන් පැවැත්විමට කටයුතු කරනු ලබන අතර පලමු අධියර සදහා නිලධරින් 31 දෙනෙකු සහ සෙසුනිලයින් 123 දෙනෙකු සහභාගි කර ඇත.