Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

17th January 2024 07:20:51 Hours

තෛපොංගල් දින සැමරුම - වව්නියාව

ආරක්‍ෂක සේනා (වන්නි) බලප්‍රදේශයේ ප්‍රධාන තෛපොංගල් දින සැමරුම් උත්සවය ආරක්‍ෂක සේනා (වන්නි) ආඥාපති මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් වව්නියාව ඔිමන්තේ රන්දෙවල කන්නකෛයිඅම්මාන් කෝවිලේ දී 2024 ජනවාරි මස 15 වන දින උත්සවාකාරයෙන් පැවැත්වීය.

පිරිසිදු බව, කෘතවේදීත්වය, සෞභාග්‍යය, සතුට සහ සමගිය උදා කරවන තෛපොංගල් උත්සවය අනාදිමත් කලක සිට දමිල හින්දු ජනයා විසින් සරුසාර අස්වැන්නක් ලබාදීම නිමිත්තෙන් සූර්ය දෙවියන් නමදීම පිනිස සිදුකරනු ලබයි.

රන්දෙවල කන්නකෛයි අම්මාන් කෝවිලේ පූජක බ්‍රහ්මසිව සෝමසුන්දරම් නන්ගරාසා කුරුක්කල් තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබු පූජා උත්සවය සහ වව්නියාව දිස්ත්‍රික් ලේකම් පිඒ සරත්චන්ද්‍ර මහතා, 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කාරියවසම් ඇතුළු නිළධාරීන් හා ප්‍රදේශයේ හින්දු බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වූහ.