Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

11th October 2024 15:37:04 Hours

ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ සංගමය හා කෝට්ටේ ශ්‍රි ජයවර්ධනපුර දිස්ත්‍රික් 306 (C-01) සිංහ සමාජය ඒකාබද්ධව වෛද්‍ය සායනයක් පැවැත්වීම හා ගැබිනි මව්වරුන් වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරිම.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි උපදෙස් පරිදි 21 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම මත ත්‍රිවිධ හමුදා වෛද්‍ය විද්‍යාර්ථකයින්ගේ සංගමය විසින් ත්‍රිවිධ හමුදාවට අයත් වෛද්‍ය උපදේශක කණ්ඩායම් හා පළාත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂක, ප්‍රාදේශිය සෞඛ්‍ය අධ්‍යක්‍ෂක මහවිලච්චිය හා තන්තිරිමලේ ප්‍රාදේශිය රෝහලේ සහයෝගය ඇතිව ප්‍රදේශවාසින් සදහා වෛද්‍ය සායන කදවුරක් පවත්වන ලදි. මෙහිදි තන්තිරිමලේ ප්‍රදේශයේ සිවිල් වැසියන් හට අක්‍ෂිසායන, දන්ත සායන, විකලාංග හා මනෝ චිකිත්සක සායනයන්ගේ සේවාවන්, ECG සේවාවන් භෞත චිකිත්සක සේවාවන් රැසක් සිවිල් ජනතාව වෙත ලබා දී ඇති අතර, ඒ සදහා ප්‍රදේශවාසින් 805 දෙනෙකු සහභාගි වන ලදි.

වෛද්‍ය සායනයට සමගාමීව ගැබිනි මව්වරුන් 70 දෙනෙකු සදහා අත්‍යවශ්‍ය භාණ්ඩ කට්ටලයක් ලබාදීමේ වැඩසටහනක් කෝට්ටේ ශ්‍රි ජයවර්ධනපුර දිස්ත්‍රික් 306 (C-01) සිංහ සමාජය අනුග්‍රාහකත්වය යටතේ 2024.10.06 වන දින තන්තිරිමලය පුරණ රජමහා විහාරස්ථානයේදි සිදුකරන ලදි.

මෙම වැඩසටහනෙහි සම්බන්ධිකරණ කටයුතු 213 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ පුරණ අධීක්ෂණය යටතේ, 5 වන ශ්‍රි ලංකා ඡාතික ආරෂක බලමුලුවේ අණදෙන නිලධාරී විසින් මෙහෙයවන ලදී.