Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

09th April 2024 14:43:33 Hours

ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන්ගේ ඔඩ්ඩුසුඩාන්, කුලාමුරිප්පු උළු හා ගඩොල් කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ සංචාරය -2024.04.07 දින

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බංඩාර තෙන්නකෝන් මහතාඔඩ්ඩුසුඩාන්, කුලාමුරිප්පු ප්‍රදේශයේ පිහිටා ඇති,යුද්ධ හමුදා දායකත්වයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරමින් පවතිනු ලබන උළු හා ගඩොල් කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කිරීම සඳහා 2024.04.07 වන දින1430 පැයට පැමිණි අතර, ඒ සඳහා ආරක්ෂක සේනා මුලස්ථානය (වන්නි) ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්පීවීපීඒඩීඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩියු, 64 පාබල සේනාංකයේ සේනාංකාධිපතිපති මේජර් ජෙනරාල් එම්එස් දේවප්‍රිය යූඑස්පීඑන්ඩීයූ, උළු හා ගඩොල් කර්මාන්ත ශාලාවේ කළමනාකාර සමරසිරි නානායක්කාර මහතා, 64 පාසේමු නියෝජ්‍ය සේනාංකාධිපති සහ 642 පාබසේමු බළසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වන ලදී.