Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

19th December 2023 19:01:45 Hours

ගංවතුර තත්වය හේතුවෙන් 561 පාබල බලසේනාවේ භට පිරිස් විසින් මානුෂීය ආධාර ලබාදේ

මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් 16 වන බළඇණිය ශ්‍රිලංකා සිංහ රෙජිමේන්තු බලප්‍රදේශයේ නෙදුන්කර්ණි දකුණ ග්‍රාම සේවා වසමට අයත් නෙදුන්කර්ණි ගම්මානයේ පිහිටා ඇති ප්‍රාදේශිය රෝහ‌ලෙහි කාණු පද්ධතීන් තුල හා වෙනත් ස්ථානවල ජලය එක් රැස්වී ඇත. ඒ හේතුවෙන් රෝහලට පැමිණෙන ජනතාව අසීරුතාවයන්ට පත්වන අතර එම රෝහල පිරිසිදු කිරිම සඳහා ශ්‍රමදාන වැඩසටහනක් සිදු කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් විය. ඒ අනුව ආසේමු (ව) අඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්පිඒඩිඩබ්පිව් නානායක්කාර ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු ගේ උපදේස් අනුව 56 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්ජිපිඑම් කාරියවසම් ආර්එස්පි එන්ඩිසි පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමාගේ මග පෙන්වීම යටතේ 561 පාබල බසේමු බලසේනාධිපති කර්නල් එම්ජීඒ මලන්දෙනිය ආර්එස්පී හා 16 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්එච් වික්‍රමසිංහ ආර්එස්පී යූඑස්පී පීඑස්සී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික්‍ෂණය යටතේ 02x18 භඨ පිරිසක් හා ගම්වාසීන්ගේ සහභාගිත්වයෙන් 2023 දෙසැම්බර් 18 වන දින එම රෝහලෙහි ශ්‍රමදානමය වැඩසටහනක් මගින් ජලය එක් රැස්වී ඇති ස්ථාන පිළිසකර කරන ලදි.