Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

20th December 2023 19:53:16 Hours

ගංවතුර තත්වය හේතුවෙන් 561 පාබල බලසේනාවේ භට පිරිස් විසින් මානුෂීය ආධාර ලබාදිම

මේ දිනවල පවතින අධික වර්ෂාපතනය පුලියන්කුලම් දකුණ ග්‍රාම සේවා වසමට අයත් පලෙයිවාඩි වැව වාන්දමා පලෙයිවාඩි සිට පුලියන්කුලම දක්වා ගමන්ගන්නා මාර්ගය අඩි 02 ක් 03 ක් පමණ ජලයෙන් යට වී ඇත. එම ස්ථානයෙන් මාර්ගයේ පාසල් ළමුන් හා ගම්වාසින් හට ගමන් ගැනීමට නොහැකි වී ඇත.ඒ අනුව 2023 දෙසැම්බර් 18 වන දින 56 වන පාබල සේනාංකයේ මේජර් ජෙනරාල් එච්ජිපිඑම් කාරියවiම් ආර්එස්පි එන්ඩිසි පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත 561 පාබල බසේමු බලසේනාධිපති කර්නල් එම්ජීඒ මලන්දෙනිය ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම යටතේ හා 16 වන බලඇණිය ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාර මේජර් ඩබ්ලිව්එච් වික්‍රමසිංහ ආර්එස්පී යූඑස්පී පීඑස්සී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ පුර්ණ අධික්‍ෂණය යටතේ 01x10 භඨපිරිසකගේ සහභාගීත්වයෙන් ට්‍රැක්ටර් රථයක් මගින් පාසල් ළමුන් හා සිවිල් වැසියන් ප්‍රවාහනය කරන ලදි.