Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

07th February 2024 13:52:09 Hours

ඔඩ්ඩුසුඩාන් - මුලතිව් සිවිල් වැසියන් සඳහා පොල් පැළ බෙදාදීමේ වැඩසටහනක් පැවැත්විය

ජනාධිපති තුමන්ගේ සංකල්පයකට අනුව රජය මැදිහත්විමෙන් නව ගමන් මාර්ගයක් සනිටුහන් කරමින් මන්නාරම, යාපනය හා මුලතිව් දිස්ත්‍රික්ක යා කරමින් ශ්‍රී ලංකාවේ දෙවන පොල් ත්‍රිකෝණය නිර්මාණය කිරීම ආරම්භ කර ඇත. එම වැඩසටහනට සමගාමීව පොල් පැල 5240 ක ප්‍රමාණයක් පළමු සහ දෙවන අධියරයන්හිදි ප්‍රදේශයේ සිවිල් ජනතාව වෙත බෙදාදෙන ලදි. ආරක්‍ෂක සේනා වන්නි ආඥාපති තුමන්ගේ මග පෙන්වීම යටතේ එම වැඩසටහන් මාලාවේ තුන්වන අදියර වශයෙන් පොල් පැළ 2000 ක ප්‍රමාණයක් සිවිල් වැසියන් 29 දෙනෙකු වෙත බෙදාදීමේ වැඩසටහන 2024.02.04 වන දින මෙම පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්එස් දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

එම වැඩසටහන සඳහා ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක රන්ජිත් බමුණුසිංහ. ප්‍රාදේශීය රෝහල ඔඩ්ඩුසුඩාන් වෛද්‍ය නිලධාරිනි ජේකේඑස්එල් සිරිශාන්ත මහත්මිය, වෙළද ව්‍යාපාරික රාමසාමි ගනපතිපිල්ලෛ මහතා සහභාගි වූ අතර, 64 පාසේමු හා පාබසේමු හි ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් යුතුව සිදු කරන ලදි.