Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි)

18th February 2024 00:40:08 Hours

උළු හා ගඩොල් කර්මාන්ත ශාලාව අළුත් වැඩියාකර නැවත ආරම්භ කිරීම සදහා සම්බන්ධීකරණ සාකච්ඡාවක් පැවැත්වීම

ඔඩ්ඩුසුඩාන් කුලාමුරිප්පු ප්‍රදේශයේ පිහිටා ඇති ලංකා පිගන් සංස්ථාවට අයත් උළු හා ගඩොල් කර්මාන්ත ශාලාව යුධමය වාතාවරණය හේතුවෙන් වසර ගණනක් භාවිතයට නොගෙන අත්හැර තිබිම හේතුවෙන් අක්‍රීය තත්වයට පත්වී ඇත. ආරක්‍ෂසේනා (වන්නි) ආඥාපති තුමන්ගේ සංකල්පයකට අනුව මෙම කර්මාන්ත ශාලාව නැවත ආරම්භකර රටේ ආර්ථිකයට දායකත්වයක් ලබාදිමත් ප්‍රදේශයේ ජනතාවට රැකියා අවස්ථා උදාකර දීමේ පරමාර්ථයෙන් යුද්ධ හමුදා ශ්‍රමය හා සම්පත් දායකත්වයෙන් කර්මාන්ත ශාලාව අළුත්වැඩියා කටයුතු සිදුකිරීමට සැලසුම් කරන ලදි. ඒ අනුව කර්මාන්ත ශාලාව අළුත්වැඩියා කටයුතු සදහා වන සම්බන්ධිකරණ සාකච්ඡාවක් 64 පාසේමු සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්එස් දේවප්‍රියයූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2024.02.07 වන දින 64 පාසේමු සාකච්ඡා ශාලාවේදි පවත්වන ලදි.

සම්බන්ධිකරණ සාකච්ඡාව සදහා ලංකා පිගන් සංස්ථාව නියෝජනය කරමින් එහි සභාපති රුවන් මුනසිංහ මහතා, සාමාන්‍ය අධිකාරි රත්නායක මහතා,නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි දිනේෂ් සංජිව මහතා, ඔඩ්ඩුසුඩාන් උළු හා ගඩොල් කර්මාන්ත ශාලාවේ කලමණාකරු සමරසිරි නානායක්කාර මහතා ඇතුළු පිරිස හා ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරි පි කනිෂ්ටන් මහතා, ඔඩ්ඩුසුඩාන් ගොවිජනසේවා කාර්යාලයේ ගොවිජන සේවා නිලධාරි ආර් සුගන්දන් මහතා හා 642 පාබසේමු බළසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්එම්පිඩබ්ලිව්එන්ඩිබි වීරකෝන් ආර්එස්පි යුඑස්පි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වන ලදි.